පමා වෙලා වගේ අදත්,
රාත්‍රිය ගලා හිඳී...
තෙමා වැටෙන වැහි පොදයට,
මුවාවෙලා බලා හිඳිම්...
සෙවූ රුවත්,නොවී සැපත්,
මගේ දෙනෙත්,විඩා වුවත්....
දුවයි ඇසත් පාර දිගේ...
නොවූ නමුත් නුඹ කෙළවර...
රුවක් ඇදේ නැහැ නුඹෙ රුව,
කඳුළු බරයි ඇසි පිය අග...
නගියි සැකත් සිතේ කොනින්,
දවා හරියි හද මඞල ම,
නිවා හරිම් සුසුම් හෙළා...
දුක ගෑවෙයි මගෙ හිත ළඟ..
....නම්මි.....
Saturday, February 26, 2011
මේකත් කවියක්ද?
ඔහු මගේ ඇග වටේම ඇස් අරන් ගියා,
ඊළගට,අතත් ඒ වටවන්දනාවෙම,
මට මගේ ඇගේ සීමාව දැනුණා,
මේ තමයි මගේ සීමාව..............
මීට වඩා එහා බෑ............
මීට වඩා එහා බෑ............
ඒත් ඊළගට ඔහු මගේ සීමාව උල්ලන්ඝනය කරනවා,
''මේ මගේ සීමාව''
මම කෑගැසුවා.
මගේ කටහඩ අභ්‍යවකාශයටම ගියා....
ඒත්,මගේ සීමාව පුරාම
පැතිරිලා හිටිය ඔහුට ඇහුන්නෑ,
මගේ හිතේ සීමාව අත දිගුකරලා,
ඔහුගේ කනේ දෝෂය හරිගැස්සුවා......
අද මා රැකියා වියුක්තිය කියන
භයානක රෝගයෙන් පෙළෙමින්,
හැමෝටම පිළිකුල්,
ඒ මගේ සීමාව රැකගත්තට.....
තාමත් හැමෝම ''සර්'' කියන,
ඔහු මගේ ''බොස්''.............[ලිව්වේ නම්මි]
Friday, February 25, 2011
Subscribe to:
Posts (Atom)